À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා

A+ A-

” එදා දැක්කට වඩා ඔයා දැන් කළුවෙලානේ. මට ටිකක් අදුර ගන්නත් අමාරු වුනා ඒ නිසා. ඇත්තටම අයියේ ඔයාගේ අම්මා අප්පච්චි ර…..   ආ මේ සොරි ම ට අමතක වු නා. “

” ඒ ඕක මොකක්ද කොල්ලෝ. මන් දන්නෑ කවුද මගෙ දෙමාපියෝ කියලා වත්. ඉස්සර නම් දුකයි. ඒත් දැන් ඒක පුරුදු වෙලා “ 

“එදා ඔයා මගෙ ඇග උඩට වැටුණු පාර නම් සෑහෙන්න රිදුනා අයියේ. අලි පැටියෙක් වගේනේ. තව ඩින්ගෙන් මගෙ අනාගතෙත් අදුරු වෙනවා ”

නිර්මාල් ඒක කිව්ව විදිහට මට බකස් ගාලා හිනා ගියා. නිදාගෙන හිටිය නිසා ද මන්දා කොල්ලගේ ඇසුත් රතු වෙලා. නිර්මාල්ට හරි ලස්සන හිනාවක් එක්කම ඉස්සරහින් තඩි පොල් දත් දෙකක්‌ තමයි තියෙන්නේ.

” ඒක නෙවෙයි නිර්මාල් මොකෝ අද ස්කෝලේ ගියේ නැත්තේ “ 

මන් කොල්ලගෙන් එහෙම අහනවත් එක්කම කොල්ලගේ හිනාවත් නැති වෙලා ඇස් දෙකේ හීනි කදුළු පටලයක් බැදුනා.

” මොකෝ මන් වැරදි දෙයක්ද ඇහුවේ ආ “ 

කුස්සියේ බංකුවක් උඩ එයාගේ ළගින්ම ඉදගෙන හිටිය මන් එයාගේ මූණට එබිලා අහද්දී කොල්ලා කරේ තවත් බිම බලා ගන්න එක. මට මේ පුංචි කොල්ලව ඇදලා අරන් තුරුල් කර ගන්නමයි හිත. එයා නිහඩයි.
ඉතින් මන් ආයේ එයාට වෙන දෙයක් ගැන කතා කරා.

” මයෙ උගුර කටත් වේලිලා බන් . තේ කහට එකක් වත් බොමුකෝ ”

” ආ මන් තේ එකක් ඉක්මනින් හදන්නම් අයියේ.  “ 

කොල්ලා දඩිබිඩි ගාලා බංකු වෙන් නැගිටලා ලිපට දරකෑලි ටිකයි පොල් කටු කෑලි ටිකකුත් දාලා පත්තු කරද්දී මාත් ඉතින් බංකුවෙන් නැගිටලා එයා ළගට ගියේ මේ ඉන්න ටිකේ එයා ළගටම වෙලා ඉන්න කියලා මගෙ හිත කිව්ව නිසයි.

පාන්දරම නැගිට්ට මන් තාමත් ඇදට වෙලා ඊයේ නිර්මලයි මායි කතා වෙච්ච දේවල් මතක් කළේ මගෙ හිතට අමුතුම හැගීමක් එද්දිය.

අදත් වේලාසනින්ම ලොකු හාමුත් එක්කලා තේ වත්තට යන්න ගියත් හරි දෙනුවන් බේබිත් අපිත් එක්කලා ආවේ එයටත් තේ වත්ත බලන්න ඕනීයී කියලා. දෙනුවන් බේබි නම් නිර්මලට වඩා එක අවුරුද්දක් බාල වුනාට මොකද ඇග පතින් නම් මන් වගෙ ඇති. ලොකු හාමු නම් එයාගේ ලොකු පුතාගේ ලොකු පුතා දෙනුවන් බේබිට නම් නුරාදට වගෙ නෙවෙයි හරි මනාපයි. අද උදේ එන්න කලිනුත් මන් නුරාදත් එක්කලා ඉදලයි ආවේ.

සෝමේ මාමයි මමයි තව කට්ටිය වගයෙකුයි තේ කොළ උර කර කර ඉද්දි දෙනුවන් බේබි නුග ගහ යටට වෙලා එයාගේ සීයත් එක්කලා මොන මොනවදෝ කතා කර ඉන්නවා. ඒත් එක්කලා මගෙ ඇහැ ගැටුනේ ඈතින් මේ පැත්තට එන කමනි නැන්දගේ පුතා නිර්මාල්ව.  ඔන්න ඔන්න මගෙ පපුව අමුතුම තාලෙකට ගැහෙනවා. දුබුරු පාට කොටු කොටු සරමකට සුදු පාට කමිසයක් දා ගෙන එන නිර්මාල් පොඩි එකෙක් වගෙ. අතේ මොන මොනවදෝ තියන් වට පිට බල බල කොල්ලා අප්පච්චිව හොයනවා. අනේ ඉතින් මයෙ කොලු පොඩිත්ත තාම අපිව දැක්කේ නැති හැටියක්.

” මොකෝ බං උබැහේ තනියම හිනා වෙන්නේ ආ කොල්ලෝ ”

” නෑ නෑ මේ මාමේ නුරාදගේ පොඩි වැඩක් මතක් වෙලා හිනා ගියේ. අද උදේ පොඩි එකා මාත් එක්කම තමයි හිටියේ ”

මන් සෝමේ මාමා කිව්ව‍ කතාවට එහෙම කියලා ආයේ නිර්මාල් ඉන්න පැත්ත බලනවත් එක්කම එයාගේ ඇසුත් මා එක්කලා පැටලුනේ එයාගෙ මුවින් හිනාවක් පනිද්දී . පස්සේ තමයි ඉතින් එයා මාත් එක්ක වැඩ කරන එයාගේ අප්පච්චිව දැක්කේ. දැන් ඉතින් හිනා වෙවීම මල්ල පද්ද පද්ද මේ දිහාට ළං වෙන නිර්මාල්ව ළගටම දකිනකම් මට ඉවසීමක් නෑ.

” ආ මයෙ පුතා නේ එන්නේ මේ.  මාත් බැලුවා උබ කොහේද බලන් ඉන්නේ කියලා ”

අයි අයියෝ සෝමේ මාමාත් මන් බලන් ඉන්න පැත්ත නේ බලන් ඉදලා තියෙන්නේ.

“  අප්පච්චි මෙන්න කැවිලි ටිකයි  කහට එකයි ගෙනාවා. අයියේ ඔයත් කන්න අප්පච්චි එක්කලා ”

සෝමේ මාමා එක්කලා කතා කරපු එයා මගෙ පැත්තත් බලලා කියද්දී එයාට හිනාවක් දාපු මන් ලොකු හාමු ඉන්න පැත්ත බලද්දී අපෙ දිහා ඈත ඉදන් බලන් ඉන්න දෙනුවන් බේබි තමයි දැක්කේ.

තව ටිකක් වැඩ කරපු මායි සෝමේ මාමායි නිර්මාලුයි තේ බොන්න නුග ගහ පැත්තට යන්න යද්දී නම් එතැන දෙනුවන් පේන්න හිටියෙ නෑ. සෝමේ මාමා කහට කෝප්පේ අරන් අනිත් කට්ටිය ළගට යනකොට මායි එයයි තනි වුනා.

“  නිර්මාල් දවල්ට කාලා එහෙමද දැන් ආවේ ඉතින් ”

” ම් අද අක්කා දවල්ටත් එක්කලා උයලා ගියේ.  ඒක නෙවෙයි ඉන්න පොඩ්ඩක් ”

එහෙම කියපු එයා දිහා මන් බලනවත් එක්කම මගෙ කන්නාඩි දෙක එයා අරන් එයාගේ ඇස් වලට දා ගත්තා. එයාගේ එ හීන් දෑරී කැහුටු ඇගිලි මයෙ කම්මුල් වල වැදෙනවාත් එක්කම මන් ගැස්සිලා ගියේ විදුලි සැර එක පිට එක දැනෙනවා වගේ වුනු නිසා. ඉතින් මන් කොහොමද මෙව්වගෙ කොලු ගැටයෙකුට ආදරේ නොකර ඉන්නේ.

” ම් මේ කොහොමද මන් ලස්සනයි නේද”

මගෙ කන්නාඩි දෙකත් දාගෙන ඇස් ගෙඩි දෙකත් ලොකු කරන් මයෙ දිහා බලන් එයා ලස්සනයි ද කියලා අහද්දී මටත් කලින් ගැඹුරු කටහඩක් අපි දෙන්නාගේ පිටි පස්සෙන් ඇහුනා.

” ලස්සනයි  ”

මට වචනයක් කියන්න වුන්නෑ අපි දෙන්නා පිටි පස්ස හැරෙද්දී හිටියේ නිර්මාල් දිහා බලන් ඉන්න දෙනුවන් බේබි.  මේ පොඩි එකා කොයි වෙලේද ආවේ.

” කොයි වෙලේද දෙනුවන් බේබි ආවේ ”

මන් එහෙම අහනකොට නිර්මාල් තුෂනිම්බූත වෙලා මයෙ දිහයි දෙනුවන් දිහයි මාරුවෙන් මාරුවට බැලුවා.

 
” ටිකක් වෙලා “ 

මට එහෙම උත්තරයක් දීපු දෙනුවන් අයෙමත් නිර්මාල් දිහා බැලුවේ මොනා හරි එයත් එක්කලා කියන්න වගේ.

” අනේ මට දැන් නේ අදුර ගන්න පුළුවන් වුනේ දෙනූ බේබි. දෙයියනේ ඔයා මෙහෙන් යද්දී හරි චූටි බටු ඇටයෙක් නේ. එකනේ බේබිව දැන් මට අදුර ගන්න බැරි වුනේ.  මේ අයියට සමාවෙන්න බේබි මල්ලි ”

” සමාව දෙන්නම්. හැබැයි එක දෙයක් මට කරලා දෙන්න ඕනී ”

” මොකක්ද ඉතින් ”

” පස්සේ කියන්නම් ”

කට කොනේ හිනාවක් දාගෙන දෙනුවන් බේබි ඒක කිව්වේ ඇස් නටව නටව.

ඒ කියන්නේ දෙනුවන් බේබියි නිර්මාලුයි කලින් ඉදන් දන්නවා හොද හැටියට. මන් මෙතැන ඉන්නවා කියලවත් මේ කොල්ලට ගානක් නෑ නේ. දෙනුවන් බේබි මේ මයෙ කොල්ලා දිහා බලන බැල්ම නම් අල්ලන්නෑ දැන් නම්.

මන් සෝමේ මාමාත් එක්කලා වලව්වට එද්දී ඈත ඉදන්ම දැක්කේ ඔන්චිල්ලාවේ වාඩි වෙලා පැටියත් එක්කලා පොතක් කියවන පොඩි බේබි.  ඊට එහා පැත්තේ පොඩි බේබිගේ පිටට හේත්තියක් දාන් දෙව්මිත් පොතක් කියවනවා.  පොඩි බේබිගේ හැසිරීමනම් මේ දවස් වල සෑහෙන්න වෙනස්.  වෙනදා වගේ මයෙ දිහා බලලා එසැනින් අහක බලා ගත්තත්  දැන් එයා එක දිගට බලන් ඉන්නවා.  හැබැයි මගෙ හිත නම් වෙනදා තරම් ගැස්සෙන්නෙත් නෑ. පැද්දෙන්නෙත් නෑ.

“  ආ ආ….. “

මන් වලව්වේ වැට කඩුල්ලත් පැනලා ඔන්චිල්ලාව පැත්තට එද්දීම නුරාද බේබිගේ අතක් හොලව හොලවා කෑ ගහන්න පටන් ගත්තේ ඇබ්බිත්තන් කටේ හිනාව පුරවාගෙනමයි.  පොඩි එකා පොඩි බේබිගෙන් පස්සේ වැඩි පුරම මට තමයි එකතු කියලා මට මේ දවස් ටිකේ හොදට තේරීලයි තිබ්බේ . මම දාඩියෙන් පෙගිලා වගේම වැඩට ඇන්ද ඇදුම ගන්න දෙයක් නෑ කුණු ජරාව.  ඒත් පොඩ්ඩාගේ මූණ අවුල් කරන්න බැරි නිසා නා ගන්න කලින් වචන දෙක තුනක් කතා කරන්න කියලා ළගට ගියත් හරි පොඩි බේබිගේ අවදානේ මට ලැබුනා. දෙව්මි තාම හේත්ති දාන් පොතේ කිමිදිලා. මන් ළගට ගිහිල්ලා පොඩ්ඩා ගානට නැමිලා බෙල්ල චුට්ටක් ලාවට හපද්දී කොල්ලා හිනා වේවි ඇබරුනේ චූටියා මයෙ ඔලුව බදා ගනිද්දී.

” ඊයා අයිසේ තමුසේ මහා ජරාවක්. නහයක්‌ තියන් ඉන්න බෑ පුදුම දාඩිය සැර ක්‌නේ තමු….. ”

” බබා කට කට පියා ගන්නවලා ”

පොඩ්ඩව ඉඹ ඉඹ හිටිය මන් ගැස්සිලා ගියේ දෙව්මිගේ කටහඩින්.  මගෙ කනත් එක්කලා බීරි වුනාද මන්දා.  ඒත් එක්කම එයාටත් වඩා හයියෙන් බේබි කෑ ගැහුවේ බෙල්ලෙත් නහර උලුප්පන්.

“  චු  චුටි තා ත්ති  ඔයා ම ට කෑ ගැහුවා. මන් තාත්තිට කියනවා මේ කොහෙවත් නැති එකෙක්‌ නිසා මට කෑ ගැහුවා කියලා ”

එහෙම කිව්ව දෙව්මි අඩාගෙන යන්න ගියේ මටත් හොද වයින් දෙකක් රවාගෙනමයි.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මන් පොඩ්ඩව ළග තියන් පොතක් කියව කියව ඉද්දැද්දි ටික වෙලාවකින් නුරාද මගෙ අතත් හොලව හොලව ඈතින් එන නිලූෂ ව පෙන්නනවා. කොල්ලා හොදටම රතුවෙලා මහන්සි පාටත් හොද හැටියට පේනවා. දාඩියට කොන්ඩේ පෙගිලා ඒ කොන්ඩෙන් නළල් තලෙත් වහගෙන.  ළගටම ආපු නිලූෂ එහෙන්ම පාත් වෙලා මයෙ ඔක්කෙ ඉදන් හිටිය පැටියගේ බෙල්ල ඉඹිනවා එක එක කෝලම් කර කර . හරියට එයත් අප්පච්චි කෙනෙක් වගේ. නිලූෂ ගේ රැවුල් කොට නිසාද මන්දා කොල්ලා එහෙන් ඇබරෙනවා මෙහෙන් ඇබරෙනවා ඒ දෙන්නා ඒ දෙන්නගේ ලෝක වල ඉන්නේ හරියට මන් මෙතැන නෑ වගේ.

ඒත් වැඩිවෙලාවක් එහෙම ඉන්න වුන්නෑ දෙව්මි කිව්ව දෙයින් නිලූෂ ගැස්සිලා ගියේ චූටි එකත් දෙව්මි දිහා බලද්දී.  දෙව්මිගේ කටට නොදෙවෙනිව මාත් ගිගිරුවේ මට හොද හැටියට කේන්ති ගිය නිසයි. අපෙ අයියන්ඩි හොද හැටියට තමයි කෙල්ලව හදලා තියෙන්නේ.  මම කෑ ගැහුවායින් පස්සේ කෙල්ල කෑ ගහගෙනම යන්න ගියේ නිලූෂටත් හොද වයින් දෙකක් රවාගෙනමයි.

නිලූෂ ඇසුත් තඩි කරන් තාම දෙව්මි යන දිහා බලන් ඉන්නේ මගෙ හිතට මොකක්දෝ දුකක් මෝදු වෙද්දී.  

“  ම් මේ නිලූෂ එයා කිව්ව දේවල් ගනන් ගන්න එ….. ”

” ම න් නාගෙනම එන්නම් පො ඩි  බේබි ”

” නිලූෂ අ……. “ 

මට ඉතිරි ටික කියා ගන්න වුන්නෑ එයා මෙතනම මාවයි පැටියවයි දාලා ගියේ මගෙ කටින් ලොකු හුස්මක්‌ පිටවෙද්දී. මට දුකයි එයාට කවුරු හරි කොහෙවත් නැති එකෙක් කියද්දී.  එතකොට එයාට කොහොම දුක ඇත්ද එව්වගේ දෙයක් ඇහෙනකොට.

” නා.. නා… ”

ඈත බලන් කල්පනාවක හිටිය මන් හරි සිහියට ආවේ නුරාද කමිසෙන් අදිද්දී.

” ඇයි ආ මගෙ වස්තු කොටේටත් යන්න ඕනිද මැණික ”

” ඔ ඕ…. “ 

පැටියා නිලූෂ ගේ කාමරේ නිසා මන් සාලේට වෙලා හිටියේ අම්මත් එක්කලා කතා කර කරයි.  අයියා නම් සාලේ හිටියත් නෑ වගේ ඔහේ පත්තර බල බලා හිටියේ.

” තාත්ති අහන්නකො මට මෙහෙ ඉන්න ඕනී. ආයේ නම් ඕස්ට්‍රේලියාවේ යන්න බෑ මට ”

ඒත් එක්කලා දෙනුවන් ඇවිල්ලා කිව්ව දෙයින් අම්මයි මායි ගැස්සුනු අතර අයියා දෙනුවන් ගේ යට ඉදලා උඩ බලද්දී දෙනුවන් මයෙ ළගින් ඉද ගත්තා.

” ඒ මොකද ඒ ආයේ එහෙ යන්න බෑ කියන්නේ. මෙහෙ ඉදන් මොට්ට වෙන්නද ආ. එතකොට ඉස්කෝලේ ”

” අයියෝ ආච්චි කෑ ගහන්න එපා. මන් චූටි බාප්පි යන ස්කෝලෙට යන්නම් ”

” එහෙම කොහොමද පුතා එහෙම කියන්නේ. අනික නංගිත් තනියම එහෙ ඉද්දි. අනික මෙහෙ චූටි බාප්පියි ලොකු සීයයි ඉන්නේ . එයාලට කරදර කරන්න බෑ නේ. අනික අම්මි නම් ඕකට කොහොමටවත් ආස නෑ. එයා ලංකාවටත් ආවේ මන් බල කරලා කියපු නිසයි. එහෙව් එකේ අම්මි නම් ඔයාව මෙහෙ කොහොමටවත් තියන්නෑ ”

” අනේ චූටි බාප්පි තාත්තිට කියන්නකෝ.  මන් මෙහෙ ඉන්න කැමති කියලා ”

බැරිම තැන කොල්ලා මගෙ අතින් ඇද ඇද එහෙම කියනවා.
මේ කොල්ලට ඇයි මේ එක පාරටම මෙහෙ ඉන්න හිතිලා තියෙන්නේ. ඒ පාර කොල්ලා මයෙ ඔක්කෙන් ඔලුව තියන් කුණු කුණු ගාන්න පටන් ගත්තේ අපෙ අම්මත් කොල්ලට එක එක එව්වා කියද්දී.

තව ටික වෙලාවක් එහෙන්ම හිටිය මන් නිලූෂගේ කාමරේට ගියේ පුතයි නිලූෂ යි එක්කලා ටිකක් ඉන්න හිතාගෙන. දෙන්නගේ සද්දෙයක් වත් නෑ. හිමීට දොර ඇරපු මන් දැක්කේ ඇදේ නිදාගෙන ඉන්න ඒ දෙන්නව. නිලූෂ පැටියව පේන්නැති තරමට බදාගෙන හිටියේ හරියට කවුරු හරි පැටියා එයාගෙන් අරන් යයි කියලා වගේ. රෑට දෙන්නම කාලා නිසා හරි සනීපෙට ඩබල නිදි. කාමරේ බිම තැන් තැන් වල පුතාගේ සෙල්ලම් බඩු. මන් එහෙන්ම කාමරේ ලයිටුත් නිවාගෙන ඒ දෙන්නට පාඩුවේ ඉන්න කියලා කාමරේට ආවේ නිදා ගන්න.

ඒත් මට නින්ද යන්නෑ මයෙ පැටියා මතක් වෙනවා. මයෙ මුළු කාමරේම පාලුවෙන් පිරිලා තියෙද්දි මට නින්දක් නොයන තරම්. එකොළහත් පහුවෙලා. දැන් නම් වලව්වේ හැමෝම නිදි ඇති කොහොමත්.  මන් මයෙ කොට්ටෙයි ෂීට් එකයි අරන් නිලූෂ ගේ කාමරේ දිහාට ලා අදුරේම ගිහිල්ල දොර අරින්න යනකොටම කුස්සියේ පැත්තෙන් වැනි වැනීම ආපු දෙනුවන් ඇසුත් ලොකු කරන් මයෙ දිහයි අතේ තිබ්බ කෝට්ටේ දිහායි මාරුවෙන් මාරුවට බලද්දී දොර අරින්න ගිය මගෙ අත පහලට වැටුනේ මන් දැන් මොකද කරන්නේ කියලා හිතමින්ය.

” චූටි බාප්පි ඔ යා ”

” මේ ම ට පැටියා නැතුව නින්දේ යන්නෑ බන්. නුරාදට නිලූෂ ගේ තුරුලෙම නින්ද ගිහිල්ලා.  පැටියා දැන් නිලූෂ ගේ තුරුලෙන් ගත්තොත් එයා ඇහෙරෙන්න පුළුවන් පුතා. ඒකයි මේ ”

මන් එහෙම හිනා වේවි හරි හෙමීට උත්තර දුන්නේ තව කාට හරිම ඇහෙයි කියලා.

” අ හා හරි චූටි බාප්පි.  මන් ඒත් මොකද බැලුවේ මේ මහා රෑ ඔයා මොකද මේ අයියගේ කාමරේට රිංගන්නේ කියලා ”

එහෙම කියාගෙන කොල්ලා යන්න යද්දී මන් ඉක්මනින් කාමරේට රින්ගුවේ තව කවුරුහරිම දකී කියලා.

ලා අදුරට හුරුවුණු මගෙ ඇස් ගියේ බිත්තියේ පැත්තේ නිලූෂ ගේ ඇගට කකුලකුයි අතකුයි දාන් නිදා ගෙන ඉන්න නුරාද දිහාට. ඊට‍ පස්සේ මයෙ ඇස් ගියේ කොට කලිසමක් විතරක් ඇදගෙන පැටියවත් හරි පරිස්සමට තුරුල් කරන් ඉන්න නිලූෂගේ පැත්තට.

හරි පරිස්සමින් ඇදට ගොඩවුණු මන් එහෙන්ම ඇස් පියා ගත්තේ මොකක්දෝ සතුටකින් මගෙ හිත පිරිලා යද්දී.

ඊ ළග උදේ මට ඉබේටම වගේ නැගිටුනේ මගෙ ඇගට ලොකුම ලොකු බරක් දැනෙද්දී.

” අ à·„à·Š ම් ”

මයෙ කටින් හීන් කෙදිරිල්ලක් ආවත් මයෙ බෙල්ල අස්සේ මූණ ගහන් නිදා ගෙන ඉන්න නිලූෂ නෙවෙයි පොඩ්ඩක් වත් නැගිට්ටේ. ඒ මදිවට මාවත් තදේට තුරුල් කරන් ඉන්නේ මට හෙලවෙන්නවත් බැරි විදිහට. මන් චුට්ටක් එහාට වුනත් හරි නිලූෂ ගේ මූණ මයෙ පැත්තට හරවා ගත්තේ මයෙ පපුව එකසිය ගානට රේස් දුවද්දී.  එයාගේ  ඝණ කළු මහත ඇහි බැමි නිසා මූණට ගේන්නේ හරි නපුරු පාටක්. පැටියගේ කොලෝන් සුවදත් මෙයා ළගින් එනකොටනම් මගෙ හිතට ඉහිලුම් නැතුවා. ඒත් එක්කම වගේ මයෙ අත ගියේ එයාගේ තද තඹ පාට ඝණ කොණ්ඩෙට.  මගෙ හිතේ දැන් නම් එක එක විකාර සිතුවිලි වලින් පිරිලා ගිහින් තියෙද්දී මගෙ හිතට අවවාද දුන්නෙම මන් දැන් අප්පච්චි කෙනෙක් කියලා. මට බෑ මෙහෙම මේ විදිහට  හැසිරෙන්න. 

මන් එයාගේ ඔලුවෙන් එහෙන්ම අත ගත්තත් හරි එයා හිමීට හිමීට ඇස් ඇරලා එයාට කෙලින්ම පේන මයෙ මූණ දිහා බැලුවේ එයා මේ දකින්නේ හීනයක්ද කියලා වගේ.

“  ගුඩ් මෝනින් නිලූෂ ”

” ප් පොඩි බේ බි ”

හරි කලබලෙන් එහෙම කියපු නිලූෂ ඇද අයිනේ තිබ්බ කන්නාඩි දෙකත් දාන් කෝට්ටේ බදන් නිදා ගෙන ඉන්න පැටියා දිහා බලලා ආයේ මයෙ දිහා බලද්දී නම් මගෙ කටින්  හිනාවක් පැන්නේ ඉබේටම වගේ.

” ඇයි මේ බය වෙලා නිලූෂ ”

” පොඩි බේබි මොකද මගෙ කාමරේ නිදි ”

” මට කාමරේ නිදා ගන්න පාලු හිතුනා. ඉතින් මන් නිලූෂ ළගට ආවා  හරි සරලයි සුන්දරයි ”

මන් එහෙන්ම නැගිටලා නිලූෂගේ මූණට එබිලා කිව්වත් හරි ඇස් දෙකත් අකුලන් එයා මයෙ මූණ දිහා බලන් ඉන්නේ මට එයාව ඇදල අරන් බදා ගන්න හිතෙද්දි .

 

  

          …………………………………….

ගිහිල්ල එන්නම් යාලූ 🤗

බුදුසරණයි හැමෝටම 🙏

වෝට් කරපු  කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🙏

         ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Tags: read novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා, novel À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා, read À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා online, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා chapter, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා high quality, À¶…À¶­À·Š À·€À·À¶»À·À¶¯À·Šà¶¯ ( Completed ) හත්වැනි කොටහා light novel, ,

Comment

Leave a Reply

Chapter 8